hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 7:39



විවිධ අක්‍රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420ක ප්‍රධානින් මේ වසරේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර රාජ්‍ය ආයතන තවත් හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව එම ආයතන හතර වේ.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද  කැඳවා තිබුණා. එම ආයතන යළි කැද වෙන්නේ ඒවායේ කටයුතු පිළිබඳව පසුවිපරම් කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.