hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 25, ප.ව. 3:06



ඊට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා පැවැත්වූ තරගාවලියට සහභාගි වීමට සිම්බාවේ බලා ගිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෝටල් කොරිඩෝව නිදා ගනිද්දි ‍ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග ලෝක කුසලානය බලන්න ගිය නිළියන්ට සියලු පහසුකම් හෝටල් කාමර වෙන් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරනවා.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

විඝණකාධිපති වාර්තාවෙන් ක‍්‍රිකට් ආයතනට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද ඔහු පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂන ගැන පිලිබද පලමු හෙලිදරව්ව මෙය නොවේ. මීට පෙරත් බොහෝ හෙලිදරව් කරලා තියෙනවා නමුත් ඒවාට නිසි පිලිතුරු ඔවුන් දීලා නෑ. සිම්බාබ්වේ ගිය ක්‍රිකට් කණ්ඩායමට හෝටලයේ ලොබියේ ඉන්න වුනා පාලක මණ්ඩලයට ඒක කලමණාකරනය කරගන්න බැරි වුනා. නමුත් නිලියොන්ට වීසා ගන්න වෙලාවට ගුවන් ටිකට් ගන්න හෝටල් කාමර වෙලාවට වෙන්කර ගන්න ඒවා හොදටම කලමණාකරනය කලා. අපි දැක්කේ නෑ නලු නිලියෝ හෝටල් ලොබියේ රස්තියාදු වෙනවා. ඒවා හොදටම මැනේජ් කලා. අපි ක්‍රීඩා අමාත්‍ය වරයාගෙන් ඉල්ලානවා මේ ගැන කඩිනම් පරීක්ෂනයක් කරන්න ඒ වාර්තා ජනතාවට ලැබෙන්න සලස්වන්න ක්‍රීඩා ඇමතිවරයා කලින් විවිධ පරීක්ෂන කලත් ඒවාට වුන දෙයක් නෑ මේකටත් එහෙම කරන්න එපා.”