2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ (Card Payment) පහසුකම මෙම මාසය අවසන් වීමට පෙර හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා විසින් ලංගම බස් රථ සම්බන්ධයෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
ලංගම බස් රථ පද්ධතියේ පවතින ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා, රට පුරා ඇති බස් ඩිපෝ 107න් සැලකිය යුතු ප්‍රමාණයක, ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව සඳහන් කළේය. මෑත කාලය තුළදී එලෙස අලුත්වැඩියා කරන ලද බස් රථ 173ක් නැවත මගී සේවයට එක් කර ඇති බවත්, සියලුම අලුත්වැඩියා කටයුතු 2026 මැයි මාසයට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම, ලබන වසරේ ජුනි මාසයේදී මෙරටට “මෙට්‍රෝ බස් සේවය” හඳුන්වා දෙන බවත්, ඊට අදාළව සේවකයින් බඳවා ගැනීම නුදුරේදීම ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නේය.
ලංගම ආයතනය මුහුණ දෙන බරපතල ගැටලු කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළේය. බොහෝ ඩිපෝ, අමතර කොටස් වෙළෙඳසැල්වලට ණය වී ඇති නිසා අමතර කොටස් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
“පසුගිය කාලයේ අමතර කොටස් සැපයුම්කරුවන් බොහෝවිට ලබාදීලා තියෙන්නේ ඉතා බාල වර්ගයේ අමතර කොටස්. අවංකව, නිවැරදි ආකාරයෙන් අමතර කොටස් සපයන අය ඉන්නේ එක්කෙනයි දෙන්නයි,” යැයි සඳහන් කළ අමාත්‍යවරයා, මෙවැනි වංචා සහ දූෂණ නැති කර, ලංගම ආයතනය නැවත ගොඩනැගීම සඳහා තමන් ඇතුළු රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:26
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:14
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25