2024 පෙබරවාරි 03, පෙ.ව. 12:01
ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (03) උදෑසන සිට අවසන් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති සඳහන් කළා.
ඒ ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යාංශ ලේකම් සමඟ සාකච්ඡාවක් ලබාදීමත් සමඟයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා අඩාල විය.
එමෙන්ම, ඒවා පවත්වාගෙන යෑම සඳහා යුද හමුදාව කැඳවීමට ද සිදු විය.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා වර්ජනයක නිරත විය.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමඟ එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් කටයුතු කළා.
එහෙත් සති දෙකකට අධික කාලයක් ගතවුවත් තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පෙරේදා පෙරවරුවේ සිට යළිත් ඒකාබද්ධ වර්ජනයක් ආරම්භ කළා.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:06
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25