hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 9:53



පවතින වැසි තත්ත්වය අද සහ හෙට තුළදීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වැසි තත්ත්වය හේතුවෙන් අකුරැස්ස ඉලුප්පැල්ල ඉඹුල්ගොඩහේන කන්ද නාය යෑමේ ලකුණු පහළ වීම හේතුවෙන් නිවාස 03කට ජනතාව බලපෑමට ලක්ව තිබෙනවා.

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙමින් පවතිනවා.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයෙන් වාර්තා වූ අතර එම අගය මිලිමීටර් 97ක්.

මේ අතර දකුණු පළාතට බලපා ඇති අධික වැසි හේතුවෙන් ප්‍ර දේශ කිහිපයක පස්කඳු කඩාවැටී තිබෙනවා.

මේ අකුරැස්ස ඉලුප්පැල්ල ඉඹුල්ගොඩහේන කන්ද නාය යෑමේ ලකුණු පහළ වීමෙන් නිවාස 03ක ජනතාව මේ වන විට පීඩාවට පත්ව ඇති අතර නිවාස සම්පූර්ණයෙන්ම ඉරිතලා පුපුරා ගොස් තිබුණේ මෙලෙසින්.

ඉකුත්දා නායයෑමක් සිදුවූ දියලපේ කන්දද පිහිටා ඇත්තේ මේ ආසන්නයේයි

මේ අතර මහනුවර, බදුල්ල, මාතලේ , නුවරඑලිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොටදිස්ත්‍රික්කවලට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 තුළද ක්‍රියාත්මකයි.

ගෙවුණු සති 2කට ආසන්න කාලය තුළ දිස්ත්‍රික්ක 18ක පවුල් 31279ක පුද්ගලයින් එක් ලක්ෂ පහළොස්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා

මේ අතර මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල ධාරිතාව 90%දක්වා ඉහළ ගොස් ඇති බව ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළා.

පවතින අධික වැසි හේතුවෙන් වැලිමඩ නුවරඑළිය මාර්ගයේ බ ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවුණා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ දියතලාව, බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල , යනව නගරවල දැඩි මීදුම් තත්ත්වයක් වාර්තා වනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් විමසිලිමත්ව රිය ධාවනය සිදු කරන ලෙසයි.

කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ හෙට යන දින තුළද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර , සබරගමුව, දකුණු මධ්‍යම, සහ ඌව පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන්.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: