hit counter

2025 නොවැම්‍බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 14, ප.ව. 4:05



පැය හතරහමාරක් පුරා ජනාධිපතිවරයා විසින් සිදුකළ අයවැය කතාවේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ “ස්කන්ධය දිරා, ආතල් ඉතිරි වීම” පමණක් බව සමගි ජන සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාගේ දීර්ඝ අයවැය කතාවේ අන්තර්ගතයට වඩා, එහි අඩංගු වූ විහිළු සහ විපක්ෂ නායකවරයාට සිදුකළ උපහාසාත්මක ප්‍රකාශ පමණක් සමාජ මාධ්‍ය පුරා සැරිසරමින් පවතින බවයි.

ජනාධිපතිවරයා අයවැයට වෙනත් අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කළ ද, අයවැය ලේඛනයේ පළමු පිටු දෙක සහ අවසන් පිටු දෙක කියවූ විට මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත පදනම් වූ අයවැයක් බව ඉතා පැහැදිලිව පෙනී යන බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, මෙරට ආර්ථිකය කිසිවෙකු විසින් හිතාමතා කඩා වැට්ටවීමක් සිදු නොකළ බවත්, එය ක්‍රමිකව සිදු වූ ස්වභාවික සංසිද්ධියක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: