hit counter

2025 මැයි මස 31 වන සෙනසුරාදා

2025 මැයි 31, පෙ.ව. 12:13



බලු කතා අසා සිටිය නොහැකි හෙයින් ජනාධිපති අරමුදලින් සිය සැත්කමට ලැබුණු රු. ලක්ෂ 05ක මුදල නැවත ගෙවීමට තමන්ට උවමනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එහෙත් එසේ කළහොත් තමන් වංචාවක් කළ නිසා නැවත එම මුදල් ලබා දුන්නේ යැයි චෝදනා කරනු ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

තමන් මහා වංචාවක් කළේ යැයි ආණ්ඩුව චෝදනා කළ ද එය ජනාධිපති ප්‍රමුඛ කමිටුවක් මගින් අනුමත කර ලබා දී ඇති බවයි, ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවට තමන්ට එරෙහිව නැගිය හැකි එකම චෝදනාව මෙය බවත් ඒ සඳහා කෙතරම් අපහසුතා තිබුණ ද ලක්ෂ 10ක් වුව ද ගෙවීමට තමන් සූදානම් බව ද දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

ස්වර්ණවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: