hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 පෙබරවාරි 03, පෙ.ව. 5:23



දින කිහිපයක සිට අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර ඔහුට අයත් තලංගම, පැලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ පිහිනුම් තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ, වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නමැති 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඉකුත් 30 වන දින නිවසින් පිටත්ව ගිය සිය සහෝදරයා මෙතෙක් නිවසට පැමිණියේ නැති බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් පෙරේදා (01) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබෙනවා.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා,

“එම පුද්ගලයා 30 වනදා ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් මෙම නිවසේ යතුර ලබාගෙන නිවසට පැමිණ තිබෙන බව ඔහුගේ සහෝදරිය වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නමුත් මියගිය ස්ථානයේ.. මෙම නිවසේ අදාළ කාර් රථය තිබුණේ නැහැ. ඒ වගේම ඔහුගේ දුරකථනය සහ මුදල් පසුම්බිය තිබුණෙත් නැහැ.” 

ව්‍යාපාරිකයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම, නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.