hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 06, පෙ.ව. 4:54



සත්වෝද්‍යාන වල සතුන්ට වසරකට වතාවක් බෙහෙත් මිලදී ගැනීමක් සිදු කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා සදහන් කරනවා.

මේ වන විට ඖෂධ වල ගැටලුවක් නොමැති බවත් ඉදිරියේදී කුමක් වේවි දැයි කියා තමාට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සදහන් කළා.

ඒ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“සාමාන්‍යයෙන් සතුන්ට බෙහෙත් මිල දී ගන්නේ අවුරුද්දකට ප්‍රමාණවත් පරිදි. නමුත් අපි දන්නේ නැහැ ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. නමුත් මේ වෙනකොට අපිට එහෙම කිසිම ගැටලුවක් නැහැ අපි ගාව තොග ඒ විදියට තියෙනවා.”

මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක් වන ආහාර අර්බුදය හමුවේ මෙරට සත්වෝද්‍යාන තුළ සිටින සතුන්ගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් සිදු කළා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ වෙනකොට අපිට ආහාර අර්බුදයක් නැහැ. සැපයුම්කරුවන් සමග ගිවිසුම්ගත වෙලා තියෙන විදියට නම් තව මාස 2ක් යනකම් ඒ සැපයීම් ඒගොල්ලෝ කරන්න ඕනේ ගිවිස ගත්ත මුදලටම. අනාගතයේදී සැපයුම් වල යම්කිසි අඩුවක් වුණොත් අපි අපේම ගොවිපළවල් වල අක්කර 36ක් වගා කටයුතු සිදු කරනවා. තණකොළ, පළතුරු වර්ග වවන්න, මත්ස්‍ය නිෂ්පාදනය ඒ වගේ දේවල් පටන් ගත්තා.”