hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 ජූනි 23, ප.ව. 5:45



මේ වනවිට පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල සදහන් කරයි.

ජංගම දුරකථනයට ඩේටා ලබා දෙන බව පවසමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ සිදුවීම් සිදුවන අතර එවැනි පණිවිඩ විවෘත කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බවද ඉංජිනේරු චාරුක දමුණුපොල සදහන් කරයි.

පෞද්ගලික තොරතුරු හරහා මුදල් පවා වංචා කිරීමේ අවධානමක් පවතින බැවින් එවැනි පණිවිඩයක් ලැබුණු පසු නැවත නැවත ශෙයා කිරීමෙන් වලකින ලෙසද ඉංජිනේරු චාරුක දමුණුපොල සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: