2026 ජනවාරි 20, ප.ව. 4:06
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව රජය කරුණු පැහැදිලි කිරීමට සූදානම් වන්නේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වුවහොත් පමණක් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද (20) සභාවේදී ප්‍රකාශ කළේය.
කල්පිටිය ප්‍රදේශවාසීන්ට බාල ගල් අඟුරු දහනයෙන් සිදුවිය හැකි හානිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
යම් හෙයකින් අදාළ ඉන්ධන භාවිතය නිසා ගැටලුවක් මතු වූ බව තහවුරු වුවහොත් පමණක් ඒ පිළිබඳ කරුණු දැක්වීමට රජය බැඳී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
බාල ගල් අඟුරු හේතුවෙන් පරිසරයට හෝ ජනතාවට අහිතකර බලපෑම් එල්ල වන බවට සාක්ෂි නොමැති බැවින්, ඒ පිළිබඳ නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට රජයේ සූදානමක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“ඔබ සිතන තත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ හැකියාවක් මට නැහැ. ඊනියා බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය නිසා එවැනි ගැටළුවක් ඇති වන බව සාක්ෂි සහිතව ඔප්පු වූ පසු මම එයට පිළිතුරු ලබා දෙන්නම්”
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
10-12-25
10-12-25
04-10-24
04-10-24
01-10-24
01-10-24
21-07-24
21-07-24
31-01-24
31-01-24
12-10-23
12-10-23
07-09-22
07-09-22