hit counter

2025 අප්‍රේල් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02



ප්‍රකට ව්‍යාපාරික හිමිකරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ධම්මික පෙරේරා මහතා,  තමා අධ්‍යක්ෂ ධූරය දැරූ  ආයතනවලට යළිත් එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමත් සමඟ තමන්ට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිත පොදු සමාගම් රැසක අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවත් වීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කළා.

මේ වන විටත් ඔහුට සහ ඔහුට හිමි ආයතන වලට වැඩි කොටස් හිමිකාරිත්වයක් ඇති හේලීස් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂ සහ සම සභාපති තනතුරට යළි ධම්මික පෙරේරා පත් කරන බව හේලීස් සමාගම කොටස් වෙළෙඳ පොළට දැනුම්දී ඇති අතර ධම්මික පෙරේරා විසින්ම ආරම්භ කරන ලද වැලිබල් පී.එල්.සී. සමූහයේද කලින් දැරූ අධ්‍යක්ෂ තනතුර ඔහුට ලබා දීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවද සඳහන්.

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි ධම්මික පෙරේරා මහතා ඉන් මසකට පෙර ඉන් ඉවත් වෙන බව දැනුම් දුන්නා.

ඒ අනුව, ධම්මික පෙරේරා යළි ව්‍යාපාර ක්ෂේත්‍රයට සක්‍රීයව සම්බන්ධ  වීම හේතුවෙන් ඔහු ඉදිරියේදී දේශපාලනයෙන් ඈත්වීමේ තීරණයක් ගෙන ඇති බවද ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: