hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2024 ජූනි 02, පෙ.ව. 12:02



සෛල ප්‍රතිකාරයක් තුළින් දියවැඩියා රෝගය සුව කිරීමේ නව ක්‍රමවේදයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙන සතුටුදායක පුවතක් වාර්තා වනවා.

ෂැංහයි – චැංෂෙන්ග් සහ රෙන්ජි යන රෝහල්වල වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම වැඩි දියුණු කරන ලද සෛල ක්‍රමවේදය සොයාගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සවුත් චයිනා මෝනිං පෝස්ට්හි වාර්තාවකට අනුව, තෝරාගත් දියවැඩියා රෝගියෙකුට 2021 වසරේ ජූලි මාසයේදී සෛල බද්ධ කිරීමක් සිදු කර ඇති අතර සති එකොළහක් ඇතුළත, ඔහුට ඉන්සියුලින් ලබාදීමක් අවශ්‍ය නොවූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සවුත් චයිනා මෝනිං පෝස්ට්හි වාර්තාවේ සඳහන් වන්නේ, ඔහු 2022 වසරේ සිට ක්‍රමයෙන් දියවැඩියා රෝගය සඳහා ලබාගන්නා ඖෂධ නවතා දමා ඇති අතර, මේවන විට එම රෝගියා ඉන්සියුලින් රහිතව ජිවත් වන බවයි.

දියවැඩියාව රෝගය පාලනය සඳහා වූ මෙම නව සෛල චිකිත්සාව සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බව, බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන තිමෝති කීෆර් මෙම අධ්‍යයනය අගය කරමින් කියා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: