hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි 14, පෙ.ව. 12:08



ඉන්ධන ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවාලීමේ අරමුණින්, රජයේ ආයතනවලට අයත් වාහන සඳහා ඉන්ධන සැපයීමේ නව ඩිජිටල් කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මෙම නව පද්ධතිය යටතේ,

රජයේ වාහනවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සැබෑ අවශ්‍යතා මත පදනම් වනු ඇත. ඉන්ධන ගෙවීම් සියල්ල මාර්ගගත බැංකුකරණය හරහා සිදු වන අතර, පුද්ගලික මැදිහත්වීම් (මැදිහත්කරුවන්ගේ බලපෑම්) සම්පූර්ණයෙන්ම අවම කර ඇත.

මෙම ඩිජිටල් ඉන්ධන කාඩ්පත් ක්‍රමය ලංකා බැංකුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එක්ව සංවර්ධනය කර ඇති අතර, එය රජයේ මුදල් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළමු අදියර ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ සංචිත වාහන පද්ධතිය සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ඩිජිටල් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. මෙහිදී ලැබෙන ප්‍රතිඵල හා සාර්ථකත්වය අනුව, එම පද්ධතිය රට පුරා සියලුම රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් සභා වෙතද ව්‍යාප්ත කිරීමට නියමිතය.

මෙම පියවර රජයේ වියදම් පාලනය, දූෂණය වැළැක්වීම සහ ඉන්ධන කළමනාකරණයේ නව යුගයක් ආරම්භ කිරීමක් ලෙස සැලකේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: