hit counter

2025 ඔක්‍තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:10



හොරු අල්ලන බවට වර්තමාන ආණ්ඩුව සිදුකරන බොරු ජවනිකාවලින් මේ රටේ දුප්පත් ජනතාවගේ ජීවිතවල කිසිදු වෙනසක් සිදුනොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

තමන් හොරකමට වංචාවට දූෂණයට විරුද්ධ බව අවධාරණය කළ දිලිත් ජයවීර මෙතෙක් ඇල්ලූ කිසිදු හොරෙකුගෙන් මහා භාණ්ඩාගාරයට තඹ දොයිතුවක් ලැබී නොමැති බව ද පෙන්වා දෙයි.

කිසිවෙකු හිරේ දමා අලුතින් බද්දක් පනවා බඩු මිල වැඩි කරන්නේ නම් මේ කුමන වර්ගයේ නිර්ධන පන්තියේ ආණ්ඩුවක් දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

පණ කරඳ ගහක් පෙන්වා රටේ සංවර්ධනයට බාධා කළ ජාතියේ කඳ පණුවන් අද ගොවි ජනතාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති නිසා ඔවුන් පාරට නොබසින බවට වහසි බස් දොඩවමින් ඇතැයි ද දිලිත් ජයවීර චෝදනා කරයි.

එදා රට අස්ථාවර කරනට ජවිපෙට විරෝධතා සඳහා රාජ්‍ය නොවන සංවිධාන, තානාපති කාර්යාල සල්ලි පොම්ප කළ ද අද ගොවි ජනතාවට ඒ සඳහා කිසිවෙකු මුදල් නොදෙන බව ද ඔහු පෙන්වා දෙයි.

දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ රත්නපුර කළවාන කොට්ඨාශයේ සර්වජන සභා පිහිටු වීමේ අවස්ථාව සමග එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: