2025 ජූලි 29, පෙ.ව. 9:37
වේගයෙන් විකාශනය වන ගෝලීය ඩිජිටල් මාධ්‍ය අවකාශය සහ එහි ප්‍රතිඵලයක් ලෙස මතුව ඇති අභියෝග හමුවේ, ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ගේ එකතුවක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය (DJASL) එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු කළා.
ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය සියලුම පූර්ණ කාලීන හා අර්ධ කාලීන ඩිජිටල් මාධ්‍ය මාධ්‍යවේදීන් සඳහා විවෘත වන අතර, එය ශ්‍රී ලංකාවේ භූගෝලීය, ජනවාර්ගික, භාෂාමය, ආගමික, සංස්කෘතික සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළුව, ජනගහන විවිධත්වය නියෝජනය කරන සංගමයක්.
මෙම සංගමය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නොසලකා හරින ලද සියලුම සමාජ-දේශපාලනික හා ආර්ථික වශයෙන් ආන්තික වූ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා ද නියෝජනය කරයි.
ඉදිරියේදී, ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මාර්ගගත මාධ්‍ය, ඩිජිටල් ආරක්ෂාව සහ ප්‍රකාශනයේ/තොරතුරේ/ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ ගැටළු පිළිබඳව රාජ්‍යය මෙන්ම අනෙකුත් මාධ්‍ය හා අදාළ ආයතන සමඟ ද සම්බන්ධ වනු ඇත.
එය මාධ්‍ය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයට අදාළ රාජ්‍ය හා වෙනත් පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඊට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීම සංගමයේ ප්‍රධාන අරමුණක් බවයි මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේ.
විධායක සභාව
සභාපති: මංජුල බස්නායක
උප සභාපති: නිරෝෂ් මෛත්‍රී
ලේකම්: තුෂාරා සෙව්වන්දි
සහකාර ලේකම්: අභිෂේකා ප්‍රනාන්දු
කැඳවුම්කරු: මනෝජ් රත්නායක
භාණ්ඩාගාරික: සචිත්‍ර වික්‍රමනායක
කමිටු සාමාජිකයින්: රත්නම් ත්‍යාබරන්, කේෂල් ජයසිංහ, අසාම් අමීන්, රන්හිරු සුබවික්‍රම, ධනංජය නාරන්බැද්ද, තරිඳු උඩුවරගෙදර, රාජ්ගොපල් යශිදරන්, උස්මාන් අකීල්
උපදේශක: මන්දානා ඉස්මයිල් අබේවික්‍රම
2025 ජූලි 29, ප.ව. 12:13
2025 ජූලි 29, පෙ.ව. 10:52
2025 ජූලි 29, පෙ.ව. 12:13
2025 ජූලි 29, පෙ.ව. 12:09
2025 ජූලි 29, පෙ.ව. 12:07