hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 10, පෙ.ව. 12:04



සේවය අත හැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව හා ඔවුන්ගෙන් රජයට අය වියයුතු මුදල් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන්ගේ නම් අසාදු ලේඛන ගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා ඇති බව ද සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ විගණන ඡේද සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අනු කාරක සභාව හමුවට කැඳවා තිබුණා.

සේවය අත හැර ගොස් සිටින වෛද්‍යවරුන්ගෙන් අය කර ගත යුතුව තිබෙන මුදල් අය කරගැනීමේ ක්‍රියාවලිය සතුටු දායක නොවන මට්ටමකින් ක්‍රියාත්මක වන බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: