2025 පෙබරවාරි 23, පෙ.ව. 12:07
මන්නාරම රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට කිසිදු දැනුම් දීමකින් තොරව අතුරුදහන්ව ඇති බව රෝහලේ පාලන අධිකාරිය පවසා සිටියි.
වෛද්‍යවරයා දින කීපයක සිට සේවයට වාර්තා කොට නොමැති වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්තද ඔහුගේ දුරකතනයද විසන්ධි කොට අති බව වාර්තාවේ.
මේ පිළිබඳව මන්නාරම් රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්. හනීෆා මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට කිසිදු දැනුම්දීමකින් තොරව සේවයට වාර්ථා කිරීමෙන් වැලකී සිටි අතරම ඔහුව සම්බන්ධ කරගැනීමටද අසීරු වී ඇත්තේ දුරකතනය විසන්ධි කොට ඇති බව් නිසාවෙන් යන්නය.
නමුත් වටස්ඇප් දුරකතන සම්බන්ධතාවයන් ඔස්සේ අදාල වෛද්‍යවරයා විසින් තමන් විදෙස්ගතවන බවට ලියූ ලිපියක් හමු වී ඇති බැවින් අදාල ලිපිය බලධාරීන් වෙතට මේ වන විටත් යෙමු කිරීඹට තමන් පියවර ගෙන සිටින බවටය.
ළමා රෝගී විශේෂ වෛද්‍යවරයෙකු නෙමැතිකම හේතුවෙන් රෝගීන් පත්වන අපහසුතාවයන් මගහරවා ගැනීමට මේ වන විට වව්නියාව මහරෝහලේන් තාවකාලික සේවයක් සඳහා වෛද්‍යවරයෙකු යෙමු කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇතැයිද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුටත් පැවසීය.
මන්නාරම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ඔහු පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවට සාධක හමු වී ඇති නමුත් ඔහු ඒ බව පාලන අධිකාරියට දැණුම් දී නොමැති බවයි.
කෙසේ වෙතත් මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකම නිසාත් ඔහු වෙණුවට කෙනෙකු හදිසියේ පත් කිරීමට නොහැකිකම නිසාත් ළමා වාට්ටුවේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති තත්ත්වයක් උද්ගත වී තිබේ.
මේ ප්‍රශ්නයට විසදුමක් වශයෙන් ගැබිණි මව්වරුන් හා අලුත උපන් ළමයින්ද සෙසු ළමයින්ද වවුනියාව මහ රෝහලට මේ වන විට මාරුකොට යැවීමට පියවර ගෙන තිබේ.
2025 මාර්තු 04, පෙ.ව. 12:24
2025 මාර්තු 04, පෙ.ව. 12:21
2025 මාර්තු 04, පෙ.ව. 12:20
2025 මාර්තු 04, පෙ.ව. 12:15
2025 මාර්තු 04, පෙ.ව. 12:08
04-03-25
04-03-25
22-02-25
22-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25
09-01-25
09-01-25
24-12-24
24-12-24
11-12-24
11-12-24
11-12-24
11-12-24
18-11-24
18-11-24
02-11-24
02-11-24
01-11-24
01-11-24
28-10-24
28-10-24