hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 3:19



කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් ගැවසෙන ආකාරය ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පිරිස් වෙත දැක ගැනීමට හැකි වුණා.

එම බල්ලන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන දෙස් – විදෙස් සංචාරකයන් ඉව කරමින් , ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිටියා.

මෙම බල්ලන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි පිවිසුම් දොරටු අසළ ගැවසෙමින් ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ සැරිසැරීම සිදු කරන බව මේ පිළිබඳව විමසීමකදී එහි සේවකයින් පිරිසක් සදහන් කළා.

මෙම බල්ලන් කිසියම් ක්‍රමයකින් ගුවන් තොටුපළ ධාවන පථයට හෝ ගුවන් යානා අංගනය වෙත පිවිසිය හොත් එයින්  බරපතල අනතුරු සිදු විය හැකියාව පවතිනවා.

මීට පෙර වසර වලදී මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් ඔවුන්ට වෙඩි තැබීමට විශේෂ නිලධාරීන් ( Dog Shooter ) පත් කර තිබුණා.