2024 මැයි 08, පෙ.ව. 12:08
පවතින උෂ්ණාධික කාලගුණ තත්වය තුළ කෘතීම පැණි බීම පානය කිරීම හරහා අහිතකර ප්‍රතිපල එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවා.
කෘතීම පැණි බීම පානය කිරීම හමූවේ තවදුරටත් ජලය පානය කිරීමේ අවශ්‍යතාව ඇතිවිය හැකියි.
අධික සීනි ප්‍රමාණයක් කෘතීම පැණි බීම වල පැවතීම ඊට හේතුවයි.
පවතින උණුසුම් කාලගුණ තත්වය තුළ එළිමහනේ කටයුතු කිරීම හැකිතාක් අවම කිරීම ඉතා වැදගත්.
දැඩි වෙහෙසකාරී ක්‍රියා සිදු කිරීමෙන් හැකිතාක් වැළකීම ඉතා වැදගත් බව ලේකම්වරයා පැවසුවා.
පවතින තත්වය තුළ ස්වාභාවික දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් වෙයි.
සිසිල් ජලය ,විවිධ කැද වර්ග,තැඹිලි වතුර සහ ස්වාභාවික බීම වර්ග හැකිතාක් පානය කිරීම ඉතා වැදගත් වෙයි.
දිනකට කිහිප වරක් සිසිල් ජලයෙන් ඇග තෙත් කිරීම ඉතා වැදගත් අතර නිරෝගී කුඩා දරුවන් හැකිතාක් ජලයෙ තැබීම වැදගත් බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.
2025 පෙබරවාරි 05, ප.ව. 4:24
2025 පෙබරවාරි 05, ප.ව. 2:31
2025 පෙබරවාරි 05, ප.ව. 2:16
2025 පෙබරවාරි 05, ප.ව. 1:25
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:15
05-02-25
05-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
02-02-25
02-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25