hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 මාර්තු 28, පෙ.ව. 7:29



ඉදිරියේදී බීමතින් රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිස් ඇපමත මුදානොහැරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

බීමත් රියැදුරන් පොලිස් ඇප මත මුදාහැරීමට මේ දක්වා පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලය හිමිවී තිබුණද එය අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව මින් ඉදිරියට පොලිසිය අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් පොලිස් ඇප ලබා දීමකින් තොරව ඍජුවම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බීමත් රියැදුරන් පදවන වාහනය රියැදුරු බලපත්‍රයක් හිමි තෙවැනි පාර්ශ්වයක් වෙත ලබා දීමට මේ දක්වා කටයුතු කෙරුණද එයද අත්හිටුවා ඇති අතර වාහනය මුදා හැරෙන්නේ අධිකරණ කටයුතුවලින් අනතුරුවයි.

නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් කැඳවා පසුගියදා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වනවා.