2025 ජූලි 13, ප.ව. 2:08
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ
”මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දී ඒ ගොල්ලෝ හිතලා තියෙන්නේ මගේ මගත්තයා තමයි එයාලගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා. මගේ මහත්තයා මුකුත් කරලා නෑ. එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා. හෙල්මට්වලින් 10ක් විතර ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා. ගහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග. තව එයා එක්ක 20ක් විතර හිටියා කියලා තමා මහත්තයා කිව්වේ”
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06
2026 ජනවාරි 14, පෙ.ව. 11:49
2026 ජනවාරි 14, පෙ.ව. 10:48