hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04



විනය ගරුක රියදුරන් බිහි කිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව නව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ, ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේ දීයි.

එමෙන්ම මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවන බවත් එය විශාල ගැටලුවක් වන බවත් ඔහු සඳහන් කළා.

මෙයට ප්‍රධානතම හේතුව මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම බව කියා සිටි ඒ මහතා ඒ හේතුවෙන් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: