hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 ජූනි 17, පෙ.ව. 12:07



මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.

ඒ 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බවටයි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉකුත් දිනෙක ජාතික පුවත්පත් කිහිපයකම ” 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීම” යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වූ බවයි.

එසේ වුවත් තවමත් ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් එහිදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: