hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:07



රජය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

ප්‍රවාහන අමාත්‍යංශයත් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

එම නිවේදනයේ ඩොලර් වලින් ගෙවිය යුතු මුදල සඳහන්ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර එළැඹෙන සතියේ යළි ගැසට් නිවේදය නිකුත් කරන බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

ඉදිරියේදී මෙම පහසුකම විදේශිකයන්ට පමණක් නොව වසර ගණනාවකට පසුව නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: