hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 27, පෙ.ව. 9:02



සිරිලිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (27)  පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙබවූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකරන බවයි සඳහන්වන්නේ.

අද පෙරවරු 9 ට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස පසුගිය සිකුරාදා ඇයට දැනුම් දී තිබුණා.

මෙම විමර්ශන මුලින්ම ආරම්භ වූයේ යහපාලන ආණ්ඩු සමයේදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: