hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:04



මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ වනවිට වෙළඳපොල පවතින සහල් මිල සහ වී මිල සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

එහිදී ඔහු පවසා සිටියේ පසුගිය සමයේ වී මිලදී ගැනීමට සිදුවූ මිල ගණන් අනුව පාලන මිල යටතේ සහල් විකිනීමට ව්‍යාපාරිකයන් වශයෙන් තමා ඇතුලු මෙරට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින්ට නොහැකි වූ බවයි.

කෙසේවෙතත් නව ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙලට ශක්තියක් වීම සඳහා ව්‍යාපාරිකයෙකු වශයෙන් පාඩුව දරාගනිමින් පාලන මිල යටතේ සහල් විකිනීමට අද සිට තීරණය කළ බවත් ඔහු එහිදී පැවසීය.

එමන්ම නිපුන සහල්, නිව් රත්න සහල් සහ තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සමඟ තමා සාකච්ඡා කළ බවත් එම පිරිසද තමා සමඟ මෙම තීරණයට එකඟවූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: