hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:20



ආපදා කළමනාකරණය සඳහා පිහිටුවා තිබූ අමාත්‍යංශය විසිරුවා හැර එහි පැවති සියලු ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ආපදා කළමනාකරණ ජාතික කමිටුව අවුරුදු හතකට පසු වර්තමාන ආණ්ඩුව පසුගිය අගෝස්තු මස කැඳවුව ද එහි දී කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

2004 සුනාමිය සමග ඇති වූ කම්පනය නිසා පිහිටුවන ලද ආපදා කළමනාකරණ අමාත්‍යංශය අහෝසි කර ආපදාවකදී ක්‍රියාත්මක වීමට තිබූ ව්‍යුහය රටට අහිමි කළ බවත් හෙට සුනාමියක් ආව ද ප්‍රතිඵලය මෙය බවත් දුමින්ද නාගමුව අවධාරණය කරයි.

ඊයේ (10) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.