hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 08, පෙ.ව. 12:08



ඉකුත් සතියේදී රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අලෙවි කෙරුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4 ත් 6 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32 ත් 34 ත් අතර මිලක් දක්වා වැඩිවී ඇත.

අලුත් අවුරුදු සමයත් සමග බිත්තර සදහා තිබෙන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා තිබෙන බවත්,මේ නිසා ඉදිරි දිනවලදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.

දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තරයක මිල රුපියල් 25 ක් දක්වා පහත වැටී තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: