hit counter

2025 සැප්‍තැම්‍බර් මස 17 වන බදාදා

2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07



බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නොවන බවත් එහි ඉතා සියුම් සිදුරු තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ සඳහන් කරයි.

එනිසා බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බැවින් බිත්තර සේදීමෙන් පසුව ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බවද සභාපති පුලින රණසිංහ සඳහන් කරයි.

සභාපති පුලින රණසිංහ සඳහන් කළේ,

“බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ.

ඒකට ක්ෂුද්‍ර ජීවීන් වැටුණොත්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න බෑ. බිත්තර පාවිච් කරන අවස්ථාවේ සේදා ගන්න එක නෙමෙයි මේ කියන්නේ. මම හිතන්නේ නෑ සෝදපු බිත්තර වෙළෙඳපොළේ ඇසුරුම්කර තිබෙනවා කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: