2025 මැයි 03, පෙ.ව. 12:29
 
            
පාසල් විෂය නිර්දේශයට මැතිවරණ පිළිබඳ හැදෑරීම් එක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය හා මැතිවරණ කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයේදී පැවසීය.
අට ශ්‍රේණියේ පාසල් විෂය මාලාවට එබඳු හැදෑරීම් එක් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදු කරන බව ‘ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාව සහ පළාත් පාලන මැතිවරණයට ඉන් ඇති වන බලපෑම’ නමින් පැවති සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව සඳහන් කළේ ය.
මෙරට දේශපාලන සාක්ෂරතාව පිළිබඳ අවම මට්ටමක සිටීම හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ඒ පිළිබඳ දැනුම ලබා දීම අනිවාර්ය බව හෙතෙම අවධාරණය කළේය.
විධිමත් අධ්‍යාපනය තුළ පුරවැසි අයිතීන් සහ වගකීම් පිළිබඳ බර තැබීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඔහු කීවේ ය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති කුරුලු කූජන කාරියකරවන, ලේකම් තිලක් සේනානායක මහතා ඇතුළු එහි සාමාජිකයන්, මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
30-10-25
 
                                            30-10-25
27-10-25
 
                                            27-10-25
20-10-25
 
                                            20-10-25
17-10-25
 
                                            17-10-25
16-10-25
 
                                            16-10-25
16-10-25
 
                                            16-10-25
15-10-25
 
                                            15-10-25
14-10-25
 
                                            14-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25
08-10-25
 
                                            08-10-25