hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 15, පෙ.ව. 12:04



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විශාල සන්ධානයක් දියත්කිරීමට මේ දිනවල කටයුතු කරමින් පවතිනා බවයි.

ජූලි මාසේ 20 වැනිදා පමණ වන විට මැතිවරණය ප්‍රකාශයට පත්වන බවත්, අගෝස්තු මස 01දා පමණ වන විට නාමයෝජනා බාරදී අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ජනතාව රට හොරාකෑ කණ්ඩායම සඳහා හෝ කිසිම අත්දැකීමක් නොමැති කයිවාරු පමණක් ඇති කණ්ඩායම සඳහා බලය ලබාදීමක් සිදු නොකරනා බවයි.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස යනු 94න් පසු බිහි වූ සුපිරි නායකයෙක් බවත් ඔහු කිසිවිටකත් තමන්ගේ පවුල්ව ගොඩ ගැනීමට හෝ හිතවතුන් සඳහා වරප්‍රසාද ලබාදීමට කටයුතු නොකරනු ඇති බවත් සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: