hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 ජනවාරි 31, පෙ.ව. 10:37



මැතිවරණ රාජකාරි වලට අවශ්‍ය ඉන්ධන නොලැබීම මත කැඳවා ඇති පළාත් පාලන මැතිවරණ කටයුතු සිදුකිරීම දැඩි ගැටළුකාරි තත්වයකට පත්ව තිබෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් භාවිත කරන වාහන වලට ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට නොමැති වීම මත බොහෝ දිස්ත්‍රික්වල මැතිවරණය කටයුතුවලට දැඩි බාධා මතුව තිබෙනවා.

පසුගියදා ඛනිජ තෙප් සංස්ථාවේ නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා මැතිවරණයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

නමුත් මැතිවරණ කොමිසමට තෙල් සංස්ථාව දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසම ඉල්ලන පරිදි ඉන්ධන නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ මැතිවරණ පැවැත්වීමට ඇති බාධාවන් ඉවත් කර දෙන ලෙසයි.