hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 20, පෙ.ව. 4:37



විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

විදේශ විනිමය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එම යෝජනාව කරන බවත් රත්නායක මහතා සඳහන් කළා.

විදුලිබල මණ්ඩලයට වර්තමාන විශාල පාඩුව දරාගැනීමට හැකියාවක් නොමැති බවත් ඉදිරි දින දෙක තුන තුළ විදුලි ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඒ මහතා සඳහන් කළා.

විදුලි ඒකක 30 ත් 60 ත් අතර පාවිච්චි කරන අඩුආදායම්ලාභී පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව විශාල ලෙස වැඩි නොකර ඒ සඳහා රජයෙන් සහනාධාර ලබා ගනිමින් සෙසු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු ඉහළ දමන බව රත්නායක මහතා පැවසුවා.

ඉදිරි දිනවලදී පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා විදුලිය කප්පාදු නොකරන බවත් මධ්‍යහන 12.00 න් පසුව රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදු කරන බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළා.