2024 අගෝස්‍තු 19, පෙ.ව. 12:03
ආසියානු රටවල් සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයකින් පමණ ඉහළ අගයක පවතින බව ඇඩ්වොකාටා ආයතනය පවසනවා.
එහි විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ, ජාතික පුවත්පතකට අදහස් පළ කරමින්.
එහි දී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම මෙන්ම විදුලිය ජනනය කරන කාලසීමාව ද සලකා බැලිය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
පස්වරු 6.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙරට අධික විදුලිය පරිභෝජනයක් සිදු වනවා.
ඒ හේතුවෙන් ජල විදුලියට අමතරව දැවි තෙල්, ගල්අඟුරු වැනි බලාගාර ද ක්‍රියාත්මක කිරීම මත මෙලෙස ලංකාවේ විදුලිය ගාස්තුව අධික වී ඇති බවයි ධනනාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.
ලොව ඇතැම් රටවල විදුලි පාරිභෝගිකයන් සඳහා නව ක්‍රම හඳුන්වා දී තිබෙනවා.
ඒ අතර “ප්‍රී පේඩ්” වැනි ක්‍රම මගින් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාව අනුව විදුලිය ලබාගත හැකියි.
ඒ හේතුවෙන් ඔවුන්ට අධික විදුලි ගාස්තුවක් ගෙවන්නට සිදු නොවන බවයි, ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
සුහුරු විදුලි මීටර හඳුන්වාදීම තුළින් පාරිභෝගිකයාට තම විදුලිය පරිභෝජනය අවම කරගත හැකියි.
එවැනි ක්‍රියාවලියක් මගින් පාරිභෝගිකයාට සවස 6 සිට 11 අතර කාලයේ තමන්ගේ විදුලිය පරිභෝජනය කළමනාකරණය කර ගැනීමට හැකිවන බවත් විදුලි බිල ද අවම කරගත හැකි බවත් ඔහු අවධාරණය කළා.
2022 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 298.2ක ශුද්ධ අලාභයක් ලැබූ බව සඳහන්.
2023 වර්ෂයේ දී රුපියල් බිලියන 61.2 ශුද්ධ ලාබයක් ලැබූවේ විදුලිය ගාස්තු ඉහළ දැමීමෙන් බවයි, ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැයට වඩා සුළු මුදලක් අය කරන බවට එම මණ්ඩලය සඳහන් කරන බව ද ඔහු එහි දී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයට තවදුරටත් ගාස්තුව පහත හෙළිය හැකි බවට ද ඇඩ්වොකාටා ආයතනයේ විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
21-12-24
21-12-24
18-12-24
18-12-24
14-12-24
14-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
02-12-24
02-12-24
25-11-24
25-11-24
10-11-24
10-11-24
06-11-24
06-11-24
27-10-24
27-10-24
26-10-24
26-10-24
19-10-24
19-10-24