2024 නොවැම්බර් 25, පෙ.ව. 12:02
විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් මස අග විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණි.
එලෙස අදාළ යෝජනා නොවැම්බර් 08 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසට කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණ ද එම දිනයට යෝජනාවලිය ඉදිරිපත් නොකළ විදුලිබල මණ්ඩලය ඒ සදහා නොවැම්බර් 22 වන දින දක්වා කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.
නමුත් එම දිනයට ද ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් නොකළ අතර තවත් සති දෙකක කාලයක් ඒ සඳහා ලබාදෙන ලෙස ඔවුන් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මස 06 වන දින දක්වා ලංකා විදුලි බල මණ්ඩලයට කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ දිනයට යෝජනා ඉදිරිපත් කළ ද එම යෝජනා අධ්‍යයනය කර විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට සති 06ත් 8ත් අතර කාලයක් ගත වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
මෙම තත්ත්වය තුළ විදුලි ගාස්තු සංශෝධනය ලබන වසර දක්වා කල් යනු ඇති බව එම කොමිසම වැඩිදුරටත් කියා සිටියා.
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:04
21-12-24
21-12-24
18-12-24
18-12-24
14-12-24
14-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
02-12-24
02-12-24
10-11-24
10-11-24
06-11-24
06-11-24
27-10-24
27-10-24
26-10-24
26-10-24
19-10-24
19-10-24
18-10-24
18-10-24