hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 12:11



ගෝඨාභය රාජපක්ෂ මහතාට තනතුර අහිමි වීමත් සමඟ ඔහු වටා සිටි ස්වාමින් වහන්සේලා පිරිස මේ වන විට කොහේ දැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විමසා සිටිනවා.

වසල වෙළෙඳ කුලකයේ අය රනිල් වික්‍රමසිංහ මහත්තයා වටා එකතු වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

උන්වහන්සේ නෙන අදහස් පළ කළේ ඊයේ (14) මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී උන්වන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“දැන් මේ රට ගොඩ ගන්නවා කියන එක මම දන්නේ නැහැ මට නම් තේරෙන්නේ නැහැ. දැන් ලොකු දුකකින් ඉන්නේ. මැරුණත් මේ දුකෙන් මැරෙන්නේ මං. දැන් බලන්න ගෝඨාභය මහත්තයා ඉද්දී ඒ මනුස්සයා ගාව වටේ හිටපු අය කෝ ඒ හාමුදුරුවරු? අර මොකක්ද උපදේශක සභාවක් හදාගෙන, පිරිත් කියාගෙන, සෙත් පතා ගෙන උපදෙස් දීපු ස්වාමීන් වහන්සේලා ටික කෝ? මම එක දෙයක් කියන්නම් දැන් මම බම්බලපිටිය පැත්තේ පොඩි පරීක්ෂණයක් කළා 600කින් අක්කර 21ක් අපිට අයිති. ඉතින් අපි මේ කතා කරන්නේ මහපොළ සල්ලී දීලා ගත්තොත් දැනටත් ගන්නවා. අපේ මිනිස්සු අලුතින් හිතනවා නම් අලුත් විදියකට මේ රට හදා ගන්න පුලුවන්. මම බැහැ කියන්නේ නැහැ. මට නම් දැන් ඇති. වසල වෙළෙඳ කුලකයේ අය තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වටා එකතු වෙලා ඉන්නේ. ඒ මනුස්සයා මොකක් හරි කරන්න උත්සාහ කරනවා. අද ඉන්නේ මේ අපි කැමති නායකයෝ නෙවෙයි. අපිට වෙන අය දෙන දායකයෝ අරන් අපි යන්නේ.”