hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 02, පෙ.ව. 12:04



පසුගිය මැයි මස 15 වන දා අවසන් වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ලබා දීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

2023 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග පසුගිය මැයි මස 06 වනදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527 ක දී පැවැත්විණ.

ඒ, සඳහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 3 87, 648ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,331ක් පෞද්ගලික අයදුම්කරුවන් වෙනවා.

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: