hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:12



රටේ ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එනිසා එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය දැනුම්දී ඇත.

සියලු ජනතාව දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල පරාසයක් තුළ ඔවුන් නැවත වරක් වින්දිතයින් බවට පත්කිරීම වැළැක්වීමේ අරමුණින් එවන් වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: