hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 2:20



මෙවර මහ කන්නයේ දී වර්ෂාව ලැබෙන ආකාරය ගැන කාලගුණ විද්‍යා අංශ දී ඇති පුරෝකථන අනුව නියමිත දිනයන්හිදී කුඹුරු අස්වැද්දීම සිදු කරන ලෙස කෘෂි අංශ ගොවිජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී බස්නාහිර හා දකුණ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කවලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වැසි ලැබෙන අතර අනෙකුත් ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව සඳහන්.

නොවැම්බර් මාසයේ දී බස්නාහිර, දකුණ හා තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර උතුර, උතුරුමැද, මධ්‍යම පළාත්වලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිතයි.

එමෙන්ම දෙසැම්බර් මාසය තුළ ද මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර මෙවර මහ කන්නයේ දී වගාවට සුදුසු වර්ෂාපතනයක් ලැබීමට නියමිත බවයි කාලගුණ අංශ පුරෝකථනය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙවර මහ කන්නයේ දී වර්ෂාපතනයක් ලැබුණ ද යල කන්නයේ දී යළිත් දරුණු නියඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනුමානය කර තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන ජලාශ යටතේ ජලය නිකුත් කළ වහාම නියමිත දිනය තුළම ගොවිතැන් කටයුතු අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.