hit counter

2025 මැයි මස 25 වන ඉරිදා

2024 නොවැම්‍බර් 25, පෙ.ව. 12:04



උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවය.

ඒ අනුව උත්සව සමයේදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව රෙදි පිලි, විදුලි උපකරණ සහ අනෙකුත් භාණ්ඩද උත්සව සමයේදී වැඩි ඉල්ලුමක් සහිත ව අලෙවි වන බැවින් ඒ සම්බන්ධවද වැටලීම් සිදු කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධව මහජනතාවට පැමිණිලි ඇත්නම් 1977 දරන දුරකථන අංකය වෙත තොරතුරු ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.