2023 අගෝස්‍තු 18, පෙ.ව. 10:31
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ප්‍රදේශයේ තේ වතු යායක පිහිටි ප්‍රධාන දමිල පාසලක සිසුන් පිරිසක් අතර ඊයේ (17) පස්වරුවේ ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම දිඹුල පතන පොලීසියට පැමිණිලි ලැබි ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසුවා.
ඊයේ (17) දින පාසල් නිවාඩු ලබාදිමත් සමග පාසලේ 8 , 9 ,10 යන පන්තිවල සිසුන් අතර මෙම ගැටුම පාසල් භුමිය තුලදි ඇති වි ඇති බවයි එම පොලිස් නිලධාරිවරයා කියා සිටියේ.
ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකගෙන් පොලිසියට පැමිණිලි ලැබි ඇති බවත් එම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවැසුවා.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06