hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූනි 02, ප.ව. 4:02



ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අමිල චන්ද්‍රසිරි මහතා පැවසූවේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව රෝහලට පිවිසෙන සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවිම හේතුවෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගින් ගුවන් මගින් උඩුගම රෝහල වෙත රැගෙනයාමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ගිංගඟ පිටාර ගැලිම හේතුවෙන් තවලම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදහන්ව ඇති බව ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චමි රාජකරුණා මහත්මිය පැවසුවා.

එමෙන්ම වැඩබලන ලේකම් වරිය පැවසූවේ තවලම,නෙළුව, උඩුගම,හිනිදුම ආදි ප්‍රදේශවල පිඩාවට පත් ජනතාව බේරා ගැනිමට යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂිත උපකරණද සමග පිටත්කර යවා ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: