2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:07
ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව සැමට එක නීතිය සඳහා දූෂණයට වංචාවට හා අවභාවිතයට එරෙහිවූ ව්‍යාපාරය සඳහා වූ පාර්ලිමේන්තුවෙන් පිටත ව්‍යාපාරය සංවිධානය කර තිබූ ජන හමුවකට මිනුවන්ගොඩ දී එක් වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසූවේ යුද්ධය අවසන් අදියරේ පැවති අවස්ථාවේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයින්ට පළා යෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ බවයි.
2009 වසරේ ජනවාරි 31 සහ පෙබරවාරි මස පළමු වනදා මෙම සටන් විරාමය හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ බවයි ෆීල්ඩ් මාර්ෂල්වරයා සඳහන් කර සිටියේ.
එවක ආරක්ෂක කවුසිලය ඊට දැඩි විරෝධය පළකර සිටිය ද, හිටපු ජනාධිපතිවරයා විසින් පැය 48ක එම සටන් විරාමය ප්‍රකාශයට පත්කළ බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේ.
මෙම සටන් විරාම කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරවල දී මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයින් 500 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ බවත් ඔහු සඳහන් කර සිටියේය.
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:07
02-09-25
02-09-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
20-08-25
20-08-25
19-08-25
19-08-25