hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:07



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමග සාකච්ඡාවක් කැදවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ, ඒ අනුව, අද එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, වෙළදපළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් කරන්නේ නම් නීතිමට පියවර ගැනීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: