hit counter

2025 අගෝස්‍තු මස 23 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:10



දැනට රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හිටපු සියලු ජනාධිපතිවරුන් එකතු වී අද විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම සහභාගි වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් අද කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීමට තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රුවන් විජේවර්ධන, මනෝ ගනේෂන් ,පී .දිගම්බරම්, රිෂාඩ් බදුයිදීන්, රවුෆ් හකීම්,අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන ,සාගල රත්නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී ඇති අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ,හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද මේ සඳහා සහාය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ.

හෙට පැවැත්වෙන මාධ්‍ය හමුවට ඔවුන් සහභාගී නොවුණද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බව එම හිටපු ජනාධිපතිවරුන් දන්වා ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසයි.

ගෝඨාභය රාජපක්ෂ විදේශගතව සිටින අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාදයේ ආබාධයක් හේතුවෙන් නොපැමිණෙන බව දන්වා ඵවා ඇති බවද සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: