hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:08



ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් විද්‍යුත් උපාංගයක් (APP) හදුන්වා දුන් බවත් ඒ හරහා රටපුරාම ඉන්ධන ඇනවුම් කිරීම සහ බොදාහැරීම වඩාත් ක්‍රමවත් වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ලෝකයම ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට පමණක් ඉන් බැහැර වියනොහැකි බවත්, එයට අනුගතවීම සඳහා ඕනෑම පිරවුම්හලකට හෝ සමාගමකට සහයෝගය දක්වන බවත්ය.

එමෙන්ම විද්‍යුත් ක්‍රමයක් හරහා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය පාලනය වීමෙන් ඛනිජ තෙල් තොග පර්යන්තයේ සහ පිරවුම්හල් යන පාර්ශව දෙකේම කටයුතු විධිමත් සහ පහසුවී ඇති බව ද ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා වැඩි දුරටත් පවසනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: