hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2025 ජනවාරි 31, පෙ.ව. 10:18



මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක පහළ යාමක් දකින්ට ලැබේ.

මෙවන් තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි.

පසුගිය මාසයේ ඉන්ධන මිල අඩුකිරීමක් සිදු කළද මෙරට වැඩි පිරිසක් භාවිතා කරන ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු වූයේ නැත.

කෙසේවෙතත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබීය.

එහි නව මිල වන්නේ රුපියල් 183කි.

අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාසයේ ප්‍රකාශ කළේ ය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: