2025 ජූනි 25, පෙ.ව. 12:09
 
            
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ආචාරිය මයුර නෙත්තිකුමාරගේ මහතා විසින් ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව සතුව මාස දෙකකට ප්‍රමාණවත් පරිදී ඉන්ධන තොග ඇති බවයි.
එසේම අගෝස්තු මාසය තෙක් ඉන්ධන ඇණවුම් කර, දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමටත් කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ මැදපෙරදිග කලාපයේ යුදමය තත්වය දරුණු අතට හැරුණහොත් එය මුළු ලෝකයටම බලපෑමක් ඇති කරන බවයි.
එනිසා ශ්‍රී ලංකාවට ද ඉන් ගැලවීමට නොහැකි බව පැවසූ සාමාන්‍යාධිකාරිවරයා එසේ නොමැතිව යුදමය තත්වය පහව ගියහොත් ගැටලුවක් නොවන බවද කියා ඇත.
එමෙන්ම වර්තමාන තත්ත්වය අනුව ජනතාව අනියත බියක් ඇති නොකරගත යුතු බව ද ආණ්ඩුව විසින් ලෝක ප්‍රවණතා අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.
ඊට අමතරව මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කිරිමේ දී පසුගිය මාස මිල පාදක කර ගැනීම හේතුවෙන් අනාගතයේදී ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යෑමේ කිසිම අවස්ථාවක් නැති බවත් කියයි.
එසේම ඉන්ධන මිල රුපියලකින් හෝ දෙකකින් ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයක් බවත් සාමාන්‍යාධිකාරවරයා පවසා ඇත.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25