hit counter

2025 ජූනි මස 30 වන සඳුදා

2025 ජූනි 30, ප.ව. 5:41



දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1300 කට අධික සංඛ්‍යාවක් සඳහා එක් පොලිස් නිලධාරියෙකු බැගින් අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

මෙම තීරණය ගනු ලැබ ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි.

මහාචාර්ය හේමපාල සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ, දැනට බූලිවලට සහ කෑන්වලට ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීමට බාධාවක් විය හැකි බවත්ය.

මෙම තත්ත්වය හමුවේ, සෑම ඉන්ධන පිරවුම්හලකටම පොලිස් නිලධාරියෙකු බැගින් අනුයුක්ත කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දී ඇත.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, වැඩබලන පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව, එම නිලධාරීන් විසින් මේ පිළිබඳව අවශ්‍ය උපදෙස් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් වෙත ලබා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: